ෆයිටර් මසුන් අභිජනනය
මත්සය විශේශීකරනය
විද්‍යාත්මක නාමය - බෙටා ස්ප්ලෙන්ඩන්ස්
කුලය - ඔස්ප්‍රොනමඩේ
ජන්ම කලාපය - දකුණු ආසියාව
උපරිම වර්ධන ප්‍රමාණය - අගල් 3 (7.6 සෙ.මී)
ජිවිත කාලය - 2-4 අවු
අවශය අවම ටෑන්කි ජල ධාරිතාව - ගෑලුන් 5
\දළ විශ්ලේෂණය
ගුරාමි මත්සය කුලයට අයත්
මෙම මසුන් අද වනවිට ලොව පුරා මසුන් ඈතිකරන්නන් අතර ප්‍රචලිත මත්සය විශේශයකි. අනෙක්
මත්සය වර්ග මෙන් නොව තරමක් කලහාකාරි හෑසිරීම් රටාවක් පෙන්නුම් කරන මෙම මත්සය
විශේශය තායිලන්තය වෑනි රටවල් තුල සුදු ක්‍රිඩාවක් ලෙස මෙම මත්සය විශේශයේ පිරිමි සතුන්
යොදාගෑනිම සිදුකරයි. මසුන් ඈතිකරන්නන් අතර අතිශය ජනප්‍රිය වීමට හේතු පාදක වි ඈත්තේ
මොවුන්ගේ අතිශය අලන්කාර වර්ණ වලින් යුක්තවීම හේතුවෙනි.ගුරාමි මසුන් කුලයට අයත් මසුන් වර්ගයක් වන සයමෙස් ෆයිටින් ෆිශ් හෙවත් ඔස්ප්‍රොනෙමයිඩේ පවුලේ සාමාජිකයෙ මෙම මසුන් බෙටාස් නමින්ද හැඳින්වේ. ඔවුන් මෙම නම
ලබාගෙන ඇත්තේ ‘පුරාණ රණශූරයන්ගේ වංශයක්’ ලෙස පරිවර්තනය වන ‘බෙට්ටා’ යන වචනයෙනි. මෙම මසුන්
ඔවුන්ගේ අතිශය අලංකාර පෙනුම සහ ප්‍රචණ්ඩකාරී ස්වභාවය
නිසා ද ප්‍රසිද්ධය. ඔවුන් වෙනත් විශේෂවල මසුන් පමණක් නොව ඔවුන්ගේම වර්ගයක්
සමඟ ද දැඩි සටන්වල යෙදේ. ඉතින්, ඔවුන් සටන් මාළු ලෙස
හඳුන්වන්නේ ඇයිද යන්න විශාල රහසක් නොවේ. තායිලන්තයේ, ඔවුන් හඳුන්වන්නේ ඔවුන්ගේ ප්‍රදේශයේ දේශීය නාමය වන ‘ප්ලකාට්’, එහි අර්ථය තායි භාෂාවෙන් ‘මාළු දෂ්ට කිරීම’ යන්නයි. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර
සංගමය (අයි.යූ.සී.එන්) විසින් අවදානමට ලක්විය හැකි මත්සය විශේශයක් ලෙස ලැයිස්තුගත කර ඇත.
මූලාරම්භය සහ වාසස්ථාන
සයමෙස් සටන් මසුන්ගේ ආරම්භය අග්නිදිග ආසියාවේ ය.
නිශ්චිතවම කිවහොත් එය තායිලන්තයේ සහ මැලේසියාවේ මෙකොං ප්‍රදේශයේය . 19 වන සියවසේ සිට මිනිසුන්
විනෝදය සඳහා මෙම මාළු එකතු කර ඇත. ඔවුන්ගේ ආක්‍රමණශීලී ස්වභාවය දුටු ප්‍රදේශවාසීන්
එම පිරිමි මසුන් අතර සටන් සංවිධානය කළහ. සෙමින් හා
ස්ථාවරව සටන් ඉතා ජනප්‍රිය වූ අතර එවකට තායිලන්තයේ රජු වූ III වන රාම, සටන් තරඟ සඳහා බලපත්‍ර සහ
බදු අය කළේය. තායිලන්තයේ චාවෝ ගඟේ බහුලව දක්නට ලැබෙන මෙම මිරිදිය මත්ස්‍ය විශේශය . ස්වාභාවික වාසභූමිවල, සහල් කුඹුරු, ගංවතුර බිම්, වගුරුබිම්, ගංගා සහ වගුරු බිම්වල
නොගැඹුරු ජලයේ බොවිම සිදුකරයි . වර්තමානයේ එය කාම්බෝජය, ලාඕසය, වියට්නාමය සහ අග්නිදිග
ආසියාවේ වෙනත් ප්‍රදේශවල ද සොයාගත හැකිය. 1892 දී මාළු ආනයනකරුවකු වන පියරේ කාබොනියර් මෙම මසුන් ප්‍රංශයට අපනයනය කල අතර . මෙම මසුන් ඉක්මනින්ම යුරෝපයේ
අනෙකුත් ප්‍රදේශවල, විශේෂයෙන් රුසියාවේ සහ ජර්මනියේද ප්‍රචලිත විය . අද වන විට ඔවුන් දැක ගත
හැකි වන්නේ ඔවුන් විදේශීය රටවලට හදුන්වා දීම නිසා ඔවුන්ගේ ස්වදේශික නොවන ජනගහනය
බිහි වී ඇති බැවිනි. 2014 දී ඔවුන් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ගඟේද දක්නට ලැබුණි
හැසිරීම
ආයුකාලය
ආහාර වේල
මෙම මසුන් මාංශ භක්ෂකයින් වන අතර,ස්වභාවයෙන්ම කෘමිභක්ෂක වේ. වනයේ දී ඔවුන් කෘමීන් හා
කෘමි කීටයන්ගෙන් පෝෂණය වේ . ඔවුන්ගේ උඩු මුඛය ජල මතුපිටට
වැටෙන ඕනෑම කුඩා කෘමීන් අල්ලා ගැනීමට උපකාරී වේ. මාළු ටැංකියක ජිවත් වන විට සජීවී ආහාර ඔවුන්ට වඩාත් හිතකරය . පහත දැක්වෙන්නේ ඔවුන්ගේ අවශ්‍ය ගුණාත්මක
ආහාරවේල සම්පුර්ණ කලහැකි වර්ග කිපයකි
1. ඩැෆ්නියා
2. වීදුරු පණුවන්
3. කුඩා ඉස්සන්
4. හරක් මස් හදවත
5. ටියුබිෆෙක්ස්
මෙම ආහාර සජීවී හෝ ශීත කළ ආකාරයෙන් පෝෂණය කළ හැකි අතර ඔබට ඒවා
නිතිපතා සොයා ගැනීමට නොහැකි නම් වියලි ආහාර තෝරා ගත හැකිය, නමුත් ඉඳහිට ඔබේ මත්සයාට සජීවී ආහාර ලබා දීමට අමතක
නොකරන්න. ශීත කළ ආහාර මාළුන්ට පෝෂණය කිරීමට පෙර සෑම විටම දිය වී යා යුතුය
මසුන් බෝ කිරීම
මෙම මසුන් බෝ කිරීම හොඳින් නිරීක්ෂණය කළ යුතුය. පිරිමි සහ ගැහැණු බෙටා එකට තබා ගත යුත්තේ බෝවන කෙටි කාලය තුළ පමණි.ඔවුන්ගේ කෙටි ආයු කාලය නිසා,ඔවුන් අවුරුද්දක් වයසැතිවිට බෝ කිරීමට හැකියාවක් ඇත.ගැහැණු සහ පිරිමි මසුන් වරකට දෙදෙනකු බැගින් ටැංකියේ තැබීමෙන් පසු, පිරිමි මත්සයා බුබුලු කූඩුව සැදීමට පටන් ගන්නා තෙක් ඔබ බලා සිටිය යුතුය. මෙය ඔහු අබිජනනයට සූදානම් බවට ලකුණකි. මෙහිදී මෙම මසුන් විසින් බිත්තර හා ශුක්‍රාණු ජලයට මුදා හැරීම හා තැන්පත් කිරීම සිදුකරයි .ඔවුන් දෙදෙනාම සංසර්ගයේ යෙදීමට සුදානම් වන විට, ඔවුන් තද පැහැයක් පෙන්වන අතර බුබුලු කූඩුව යට එකිනෙකා තෙරපාගැනිමට පටන් ගනී. මෙයින් පසුව පිරිමි මත්සයා තම ශරීරය ගැහැණු මත්සයාගෙ සිරුර වටා එතිමක් සිදුකරයි . මෙයින් ගැහැණු මත්සයා බිත්තර නෙරපා හැරීමෙන් පසුව සංසේචනය වී ටැංකියේ පතුලේ ගිලෙන්නට පටන් ගනී. මෙය දුටු පිරිමි මත්සයා විසින් බිත්තර රැගෙන බුබුලු කූඩුවට ගසයි. මේ අනුව පැටවුන්ගේ දාමය ආරම්භ වේ. මේ අවස්ථාවේදී ඔබ ගැහැණු මත්සයා ටැංකියෙන් ඉවත් කළ යුත්තේ පිරිමි මසුන් මෙම අවස්ථාවේදී ඔහුගේ බිත්තර ගැන ඉතා ආක්‍රමණශීලී හා ආරක්ෂිත විය හැකි බැවිනි දිනක් හෝ දෙකක් ඇතුළත බිත්තර පැටවුන් බිහි වන අතර ඊළඟ දින තුන සඳහා ඔවුන්ට කහ මදය ආහාරයක් ලෙස ලබා දියහැක . ප්‍රමාණවත් ශක්තියක් ලබා ගත් පසු, ඔවුන් තනිවම පිහිනීමට පටන් ගනී. මෙම අවස්ථාවේදී පිරිමි සතුන් ද ඉවත් කළ යුත්තේ ඔවුන් තම ළදරුවන් ආහාර සඳහා වරදවා වටහාගෙන ආහාරයට ගත හැකි බැවිනි.
Discus fish gana karanna
ReplyDeleteok thanks
DeleteGold fish kiyanne prasidde maalu jaathiyak nisa gold fish gana karanna
ReplyDeleteaniwaren karanna pls . Carp fish gana hari kamak naha
Ok thanks
Deleteසංසර්ගයෙන් පසු ඉරුණු වරල් සදහා කරන ප්‍රතිකාර මොනවාද කියලා දාන්න
ReplyDelete